joo

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන කතාබහක් පැවැත්විණි.

එහිදී ඇමෙරිකන් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූයේ, රුසියාව එලැඹෙන පෙබරවාරිය වනවිට යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය.

යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ යුක්රේනය ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සමඟත්, නේටෝ සංවිධානය සමඟත් සමීපව කටයුතු කිරීමය.

යුක්රේනය ‘නේටෝ’ සාමාජිකයකු නොවුණත්, ‘නෝටෝ’ සංවිධානයට හිතවත්ව කටයුතු කිරීම, තම ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාව පවසයි.

Similar Posts