ඉමදුව ප්‍රදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ල ඇඟළුම් කර්මාන්ත ශාලාවකට බදු දීමට අදාළ යෝජනාවක් ඉමදුව සභාවේ සභාපතිවරයා විසින් අද (20) දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කිරීමත් සමඟින් එම ප්‍රා දේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වු අතර එහි දී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී (කෙසෙල් ඇවරිය) ඒ.ජී. අරුණ මහතා අදාළ යෝජනාවට විරෝධය පල කරමින් එම යෝජනාව ඉරා දමමින් සභාවේ මේසය මත නැඟී විරෝධය පල කිරීමත් සමඟින් මෙසේ සභාව උණුසුම් විය.

ඉමදුව ප්‍රාදේශීය සභාව ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ (ශ්‍රී පොදුජන පෙරමුණ ) ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

වසර කිහිපයක් පුරා ඉමදුව ප්‍රාදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ලෙන් ලද ආදායම මුරකරුගේ වැටුප් ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් නොවීම සහ ළුලදායී කටයුත්තක් සදහා යොදාගත යුතු බව කියමින් ඉමදුව ප්‍රාදේහීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා විසින් ඉමදුව සභාවට යෝජනාවක් ඉදිරිපත් කල අතර එහි දී සදහන් වුයේ මේ වන විටත් ඇඟළුම් කර්මාන්ත ශාලාවක් සදහා අදාල ගොඩනැගිල්ල ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇතිබවයි.

මෙහි දී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදාන කුසුම්සිරි මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙසේ ඉමදුව නගරයේ 52000 ක් වු ජනතාවට ඇති එකම රැස්වීම් ශාලාව මෙය නිසා එය වැඩි දියුණු කර අඩුපාඩු සකසා ගනිමින් බහුකාර්ය ගොඩනැගිල්ල ලෙසම පවත්වා ගත යුතු බවයි.

මෙහි දී ආණ්ඩුපක්ෂය වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලේන්ද්‍ර අද්දරගේ,අමරසේන ලියනපතිරණ ඇතුළු මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් කියා සිටියේ ළුලදායී කටයුත්තක් සදහා මෙය යොදා ගැනීම වරදක් නොවන බවයි.

ඉමදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක හර්ෂණී කණ්ඩම්බි මන්ත්‍රීවරිය ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් මෙහි දී විරුද්ධව අදාහස් ප්‍රකාශ කල අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රී (කෙසෙල් ඇවරිය) ඒතජී. අරුණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මේ කොමිස් වලටයට වී සභාවේ වත්කම් විකුණා දැමීමක් බවත් තමා එයට සම්පුර්ණයෙන්ම විරුද්ධ වන බවත් ය.

ඒ සමඟින් අදාළ යෝජනාව සහිත ලිපිය ඉරා දමමින් මෙම කටයුත්ත වහාම නවත්වන ලෙස පවසමින් සභාවේ මේසය මත හිද ගැනීම නිසා සභාව උණුසුම් විය.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් අරුණ මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් එල්ල වීමත් සමඟින් සභාපති ඒ.වී සරත් කුමාර මහතා කියා සිටියේ අරුණ මන්ත්‍රීවරයා නම් කර මන්ත්‍රීවරයෙකු නිසා වහාම පිස්සු වැඩ නවතා සභාවෙන් පිටවන ලෙසයි.

කෙසේ නමුත් සභාවෙන් පිටවීම අරුණ මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමඟින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා විරෝධය පල කිරීමත් සමඟින් සභාව එකම ගාල ගොට්ටියක් විය.

පසුව සභාපතිවරයා විනාඩි පහකට සභාව කල් දැමීය.කෙසේ නමුත් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් එහි දී ඉවත් වුවද ශ්‍රීලනිපය,එජාපය, ජවිපෙ හා කෙසෙල් ඇවරිය මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් නොවී සභාවේම රැදී සිටින්ට විය. පසුව නැවත සභාව කැදවු සභාපති වරයා කියා සිටියේ ඒ.ජී. අරුණ මන්ත්‍රීවරයාට දැඩිව අවවාද කරන බවත් ලබන 27 වන අඟහරුවාදා දක්වා සභාව කල් දමන බවත්ය.

කෙසේ නමුත් එම අවස්ථිවේ දී සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් වු අතර අරුණ මන්ත්‍රීවරයා කළු කොඩියක් ඔසවමින් සභාව එසේ කල්දැමීම රාජ්‍ය දේපල විකිනීමට කරන උපායක් බවත් ඒ සදහා තමන් විරුද්ධ වන බවත්ය.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ : ඒ.ඩබ්ලිව්. ඒ නිමල්, ඉමදුව කුමාර කොඩිතුවක්කු,හබරාදුව ඒ.ඇල්.ඒ ආරියරත්න

Similar Posts