parli

පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබේ.

එසේම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරිම සඳහා වන අයදුම්පත්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සළකා බලා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පුද්ගලයන් හතරදෙනෙකු ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර යැවීමද එහිදී සිදු කර ඇති බව සඳහන්.

Similar Posts