2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් විශිෂ්ට ලෙස ජය ගෙන තිබේ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමානය පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේදී ඕමාන ක්‍රීඩකයින් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 98ක් පමණි.

ඕමාන පිතිකරුවන් බොහෝ දෙනෙකුට ලකුණු අතරට පිවිසීමට හැකි වුණේ නැත.ඕමාන ඉනිම සුනු විසුනු කළ වනිඳු හසරංග ලකුණු 13ට කඩුලු 5ක් දවා ගත්තේ ය.

එය ඔහු එක් දින ක්‍රිකට් තරගයකදී කඩුලු 5ක් දවා ගත් දෙවැනි අවස්ථාවයි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස්කළේය.

පන්දු 51කට මුහුණදුන් දිමුත් හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.පැතුම් නිස්සංක පන්දු 39කදී නොදැවී ලකුණු 37ක් රැස්කළේය.

තරගයේ වීරයා වනිඳු හසරංගය.

Similar Posts