t20wolrdcup

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලම ශක්තිය වේගපන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනම සැලැස්මක් යටතේ දින දෙකක කාලයක් පුහුණුවීම් කළ බවත් චරිත් අසලංක පවසයි.

බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී ද පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසලංක, ඔස්ටේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර  පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවසීය. “ඔට්‍රේලියාව ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඒක හැමෝම දන්නවා. ඒ ගොල්ලෝ වෙනුවෙන් අපිට වෙන සැලැස්මක් තියෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් එකක් සෙල්ලම් කරන්න ඕන කොහොමද කියලා දවසක් අරගෙන අපි සැලසුම් සකස් කළා. මොකද බංග්ලාදේශ කණ්ඩායම ගත්තාම හාත්පසින්ම වෙනස්.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශක්තිය තියෙන්නෙ වේගපන්දු යවන්නන් අතේ. පිතිකරුවන් විදියටම අපි ඒකට ලෑස්ති වෙලා දවස් දෙකක් පුහුණුවීම් කළා. ඒ නිසා අද තරගයට හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි අසලංක කියා සිටියේය.

Similar Posts