තායිවානයට එරෙහිව චීනය දියත් කළ තෙදින හමුදා අභ්‍යාසයේ දෙවන දිනය අදයි. ඒ සඳහා චීනයේ නාවික හා ගුවන් හමුදා බල ඇණි යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තායිවානය පැවසුවේ අද උදෑසන චීන යුද ගුවන් යානා 71 ක් තායිවානය ආසන්නයෙන් පියාසර කල බවයි. චීන යුද නෞකා 09 ක්ද තායිවානය වට කර යාත්‍රා කරමින් තිබූ බවයි එරට ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව හෑල්ලුවට ලක් කර ඇති බව ද තායිවානය චෝදනා කළා. මේ අතර තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ රට ආරක්ෂා කර ගැනීමට සටන් කරන බවයි.

මෙම හමුදා අභ්‍යාසය තායිවානය සඳහා සිදු කරන ප්‍රභල අනතුරු ඇගවීමක් බව ද චීනය පවසයි.

Similar Posts