නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් තේරී පත් වන තුරු තමන් ජනාධිපති ධූරයේ වැඩ බලන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ සිදුකරන ඡන්ද විමසීමට යම් යම් බලපෑම් එල්ල වන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයිද මන්ත්‍රීවරුන්ට විවිධ පිරිස්වලින් යම් යම් බලපෑම් සිදුවෙමින් ඇතැයි ද ඔහු කියා සිටියි.

ජනාධිපති වරයාගේ කොඩි සහ ජනාධිපතිවරයාට අතිගරු ලෙස ඇමතීම තහනම් කරන බවත් ඒ මහතා පැවසීය.

සාමකාමී අරගලකරුවන් අතරට පැමිණි කැරලිකරුවන් විසින් සිදුකරන රාජ්‍ය විරෝධී කටයුතු වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

 

Similar Posts