අද (19) දින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇති අතර අනතුරුව පොලීසිය ⁣පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ඉදිරි තරග සඳහා වන සියලුම ප්‍රවේශපත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බවයි.

Similar Posts