harin

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු රෝහල් ගත කර තිබෙනවා. ඒ ඔහුගේ හෘද වස්තුව ආශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

මන්ත්‍රීවරයාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මිට මාස කිහිපයකට පෙර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හෘද වස්තුව ආශ්‍රිත සැත්කමකට භාජනය කරනු ලැබුවා. වාර්තා වන පරිදි පෙර සිදුකළ සැත්කම හේතුවෙන් ඔහුට මෙම සංකුලතා ඇතිවන්නට ඇති බවයි.

ඊයේ දිනයේදී ඔහු දැඩි සත්කාර ඒකකයේ පසුවුවත්, ඔහු අද වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරුකර යවා තිබෙනවා. ලබන සිකුරාදා ඔහු නැවතත් ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇති බවයි සමගි ජනබල වේගය පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර සිටියේ.

Similar Posts