lassa-virus

ලාසා වෛරසය ආසාදනය වූවන් 105 දෙනෙකු නයිජිරියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369දෙනෙකු හඳුනාගෙන ඇත.

උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝගයේ ලක්ෂණ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වෛරසයක් වන මෙය මීයන් හරහා ව්‍යාප්ත වේ.

 

Similar Posts