තුන් වැනි චාල්ස් රජු ජර්මානු බුන්ඩස්ටැගය හෙවත් ෆෙඩරල් පාර්ලිමේන්තුව ඇමතූ අතර එවැන්නක් කළ පළමු බ්‍රිතාන්‍ය රජ බවට ඔහු පත් විය.

රජු සිය කතාවේ දී පසුගිය සැප්තැම්බරයේ අභාවප්‍රාප්ත වූ තම මව් රාජිනිය ජර්මනිය කෙරෙහි දැක් වූ ආදරයත් ඇගේ අභාවය සමග ජර්මානු වැසියන්ගේ උපහාර ඇය වෙත ලැබුණු ආකාරය ද විස්තර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම දේශනය සම්පූර්ණයෙන් ම ජර්මානු බසින් සිදු කිරීම පිළිබඳව මේ වන විට ලෝ පුරා ම මාධ්‍ය ඇස් යොමුව තිබේ.

රජු විසින් තම දේශනාව කරන අතරවාරයේ අවස්ථා ගණනාවක දී ජර්මානු නීති සම්පාදකයන් විසින් ඊට අත්පොළසන් දුන් බව ද වාර්තා වනවා.

 

 

Similar Posts