දසුන්ගෙන් සුපිරි ඉනිම අපතේ යයි – ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

in

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළේය.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ශ්‍රී ලංකා කාණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 74ක් රැස් කළේ පන්දු 38කට මුහුණදෙමිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Related posts