කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා.

” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර තමන්ට හැකි උපරිම ශක්තිය යොදවා සතුරන්ට සහ ඔවුන්ගේ මර්මස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කරන ලෙස IS සංවිධානයේ නායක අබු ඊබ්‍රාහිම් අල්- හෂෙම් අල් කුරේෂි සිය අනුගාමිකයින්ට දැනුම් දී තිබෙනවා.

Similar Posts