anjalo-merkal

ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දස වරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ‘ජර්මනියේ යකඩ ගැහැනිය‘ ඇන්ජෙලා මර්කල් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී තම අනුප්‍රාප්තිකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේ වසර 16 ක භාරදූර රාජකාරියෙන් විශ්‍රාම ගනිමිනි.

ඇගේ දීර්ඝ කාලීන පාලනය නිමාකරමින් පසුගියදා ජර්මනියේ පැවැති ෆෙඩරල් මැතිවරණයේ දී ඇය 1990 සිට වසර 30ක් තිස්සේ රැකගෙන සිටි මැතිවරණ ආසනය මෙවර ඇයගේ පක්ෂයට අහිමි කළේ විරුද්ධ පක්ෂයෙන් තරග කළ 1993 උපන් අපේක්ෂිකාවකි.

ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 27 හැවිරිදි අපේක්ෂිකා ඇනා කැසවුට්ස්කි ය. නවක මන්ත්‍රීවරියකගෙන් අසුන පරාජය වුවද ඇන්ජෙලා මර්කල් නාමය ජර්මානු දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් සටහන් වනු ඇත.

Similar Posts