කාන්තාවක් දේශපාලණ නායක්තවය දරන දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය ඊයේ කොරෝනා වසංගතයෙන් නිදහස් පළමු රට ලෙස ප්‍රකාශයට පත්රන ලදී. පසු ගිය මැයි 22 වන දා සිට ඒරටින් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත. නවසීලන්තයේ මුල්ම ‌කෝවිඩ් -19 රෝගියා වාර්තා වී ඇත්තේ පසුගිය පෙබරවාරි 28 දිනය. ඒතැන් සිට මැයි 22 දා දක්වා රෝගීන් 1504ක් වාර්තා වී ඇති අතර, ඉන් මිය ගොස් ඇති ප්‍රමාණය 22ක් බව වාර්තා වේ. අන් සියලුම දෙනා සම්පුර්ණ සුවය ලැබී තිබේ.

කෝවිඩ් – 19 වෛරසය පැතිරී තිබෙන රටවල් හා ස්වයංතීරණ රාජ්‍ය 213ක් අතරින් නවසීලන්තය පසුවූයේ 106 වන ස්ථානයේ ය. ශ්‍රී ලංකාව පසුවන්නේ ඒම ලයිස්තුවේ 99 වන ස්ථානයේ ය. නවසීලන්තයේ ජනග්‍රහණය මිලියන 4.8ක් වූ අතර, මෙම රෝගීන් 1504 දෙනා සොයා ගැනීම සදහා කරන ලද පරීක්ෂන ප්‍රමාණය තුන්ලක්ෂයකට ආසන්න වේ. ලංකාවේ ජනග්‍රහණය මිලියන 21.4ක් වන අතර මේ දක්වා සිදු කර ඇති පරීක්ෂන ප්‍රමාණය 76,957කි.

නවසීලන්තය ඊයේ සිට විවෘත කරනු ලැබුවත්, ඒහි දේශසීමා තවමත් විවෘත කර නොමැති බව වාර්තා වේ. ඒමෙන්ම සංචාරක කර්මන්තය සදහා තවමත් අවසර ලබා දී නොමැති බවත් වාර්තා වේ.

සුමාන දෙකකට වැඩි කාලයක් තිස්සේ කිසිදු රෝගියෙක් තම රටතුලින් වාර්තා නොවීම මත සිය රට කොරෝනා වසංගතයෙන් නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධව නවසීලන්ත අගමැති ආර්ඩෙන් මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙය දැනගත් වහාම සතුටට මම පොඩි නැටුමක් නැටුවා, මගේ දුව පුදුමයෙන් වගේ බලන් හිටියා ඇයි මම සාලයේ නටන්නෙ කියලා.., ලෙස අගමැතිවරිය ප්‍රකාශ කර තිබේ.

Similar Posts