නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිතුරු පත්‍ර තොගයක් ළඟ තබාගෙන ලියූ බවට චෝදනාවක් එල්ල වී තිබේ.

ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ; මෙලෙස විභාගයේ දී වංචා කර ඇත්තේ දකුණු පළාතේ විපක්ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නීති විද්‍යාලයේ විශේෂ කමිටුවක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සාමාන්‍යයෙන් පවත්වන්නේ දැඩි තරගකාරී මෙන් ම විභාග කොන්දේසි යටතේ යි.

Similar Posts