පරාටේ නීතිය සම්බන්ධ සංශෝ­ධ­න­යක් පාර්ලි­මේ­න්තු­වට – ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

අමාත්‍ය මණ්ඩල තීර­ණ­යක් අනුව මේ වන විට තාව­කා­ලි­කව අත්හි­ටුවා ඇති පරාටේ නීතිය සම්බ­න්ධව සංශෝ­ධ­න­යක් ඉදි­රි­යේදී පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට බලා­පො­රොත්තු වන බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු සහ ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා පැව­සීය. ඔහු මේ බව සඳ­හන් කළේ ‘ස්ථාවර රට­කට සැවොම එක මඟ­කට’ මැයෙන් ජනා­ධි­පති මාධ්‍ය කේන්ද්‍ර­යේදී පෙරේදා (27) පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා මෙසේද පැව­සීය:

“රට­කට මූල්‍ය ප්‍රති­ප­ත්ති­යක් තිබිය යුතුයි. ඒව­ගේම ආර්ථි­කය ද ශක්ති­මත් විය යුතුයි. මීට අදාළ සැල­කිය යුතු බල­යක් මහ බැංකුව සතුයි. පසු­ගිය සමයේ මෙරට කතා­බ­හට ලක්වූ පරාටේ නීතිය සම්බ­න්ධව කතා කළ­හොත් එහි දී මහ බැංකුව අව­ධා­නය යොමු කර තිබුණේ මූල්‍ය ආය­ත­න­වල ස්ථාව­ර­ත්වය ආරක්ෂා කිරී­මට පම­ණයි. එහිදී රටේ ශේෂ පත්‍රය පිළි­බ­ඳව මහ බැංකුව අව­ධා­නය යොමු කළා ද යන ගැට­ලුව බොහෝ පාර්ශ්ව ඉදි­රි­පත් කළා. ඒ වගේම 22%ක්ව පැවැති කෘෂි­ක­ර්මාන්ත ක්ෂේත්‍රය 8%ක් දක්වා පහත වැටීම, 38%ක්ව පැවති කර්මාන්ත ක්ෂේත්‍රය 32% දක්වා පහත වැටීම කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි.

“17 වතා­වක්ම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ණය ගැනී­මට අපට සිදු­වුණා. එසේ කළත් ආර්ථි­කය ගොඩ ගැනී­මට නොහැකි වී තිබෙ­නවා. එහිදී අප විසින් නිර­න්ත­ර­යෙන්ම සිදු කර ඇත්තේ ආර්ථි­කයේ සේවා අංශය පුළුල් කිරීම පම­ණයි. කර්මාන්ත අංශය නොස­ලකා හැරීම නිසා නිෂ්පා­දන ධාරි­තාව අඩු වුණා.

“රාජ්‍ය බැංකු දෙකක් විසින් එක් එක් පුද්ග­ල­යන්ට ලබාදී ඇති ණය ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 602ක් පමණ වනවා. එයින් අති බහු­ත­ර­යක් ගෙවා­ගැ­නී­මට නොහැ­කිව බොල් ණය ලෙස කපා හැරී­මට සිදුව තිබෙ­නවා. මෙම ණය ප්‍රමා­ණය අප රටේ කෘෂි­ක­ර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා යෙද­වී­මට හැකි­වූවා නම් එම ක්ෂේත්‍ර­වල විශාල වර්ධ­න­යක් ලබා­ගැ­නී­මට හැකිව තිබුණා. රටේ මූල්‍ය පාල­න­යක් නොතිබූ නිසා එවැනි තත්ත්ව­යක් උදා­වුණා.

“මෙහිදී ව්‍යාපා­රි­ක­යන් මෙන්ම මූල්‍ය ආය­තන ද අර්බු­ද­යට පත් නොවන ආකා­ර­යට අප කට­යුතු කළ යුතුයි. ඒ අනුව පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟ­හ­රවා ගැනී­මට කට­යුතු කළ යුතුයි. ඒ සඳහා පරාටේ නීතිය සම්බ­න්ධව යම් සංශෝ­ධ­න­යක් අප ඉදි­රි­යේදී පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට බලා­පො­රොත්තු වනවා. කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් සඳහා වෙනම ණය යෝජනා ක්‍රම­යක් හඳුන්වා දීමට ද අප බලා­පො­රොත්තු වනවා. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාද එම මතය තුළ සිටි­නවා.

“ඒ වගේම අපට මූල්‍ය සහ­යෝ­ගය දෙන ලෝක බැංකුව, ආසි­යානු සංව­ර්ධන බැංකුව වැනි ආය­තන සමඟ සාකච්ඡා කොට මෙම අඩු පොලී ණය ක්‍රමය හඳු­න්වා­දී­මට අපේක්ෂා කර­නවා. බැංකුව හර­හාම ණය ලබා­දීමේ දී පව­තින ගැට­ලුව වන්නේ, ලැබිය යුතු අය­ව­ලුන් සඳ­හාම ණය ලබා­දීම සිදු වන­වාද යන්නයි. ඒ නිසා මෙම ණය පහ­සු­කම ලබා­දීම අධී­ක්ෂණ ක්‍රම­යක් යටතේ සිදු කළ යුතු බව කැබි­නට් මණ්ඩ­ලය සමඟ සාකච්ඡා කිරී­මෙන් පසුව අප තීර­ණය කළා. ඒ සම්බ­න්ධව ඉදි­රියේ දී මුදල් අමා­ත්‍යාං­ශය සමඟ සාකච්ඡා කිරී­මට ද අප බලා­පො­රොත්තු වනවා.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….