අමාත්‍ය මණ්ඩල තීර­ණ­යක් අනුව මේ වන විට තාව­කා­ලි­කව අත්හි­ටුවා ඇති පරාටේ නීතිය සම්බ­න්ධව සංශෝ­ධ­න­යක් ඉදි­රි­යේදී පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට බලා­පො­රොත්තු වන බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු සහ ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා පැව­සීය. ඔහු මේ බව සඳ­හන් කළේ ‘ස්ථාවර රට­කට සැවොම එක මඟ­කට’ මැයෙන් ජනා­ධි­පති මාධ්‍ය කේන්ද්‍ර­යේදී පෙරේදා (27) පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා මෙසේද පැව­සීය:

“රට­කට මූල්‍ය ප්‍රති­ප­ත්ති­යක් තිබිය යුතුයි. ඒව­ගේම ආර්ථි­කය ද ශක්ති­මත් විය යුතුයි. මීට අදාළ සැල­කිය යුතු බල­යක් මහ බැංකුව සතුයි. පසු­ගිය සමයේ මෙරට කතා­බ­හට ලක්වූ පරාටේ නීතිය සම්බ­න්ධව කතා කළ­හොත් එහි දී මහ බැංකුව අව­ධා­නය යොමු කර තිබුණේ මූල්‍ය ආය­ත­න­වල ස්ථාව­ර­ත්වය ආරක්ෂා කිරී­මට පම­ණයි. එහිදී රටේ ශේෂ පත්‍රය පිළි­බ­ඳව මහ බැංකුව අව­ධා­නය යොමු කළා ද යන ගැට­ලුව බොහෝ පාර්ශ්ව ඉදි­රි­පත් කළා. ඒ වගේම 22%ක්ව පැවැති කෘෂි­ක­ර්මාන්ත ක්ෂේත්‍රය 8%ක් දක්වා පහත වැටීම, 38%ක්ව පැවති කර්මාන්ත ක්ෂේත්‍රය 32% දක්වා පහත වැටීම කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි.

“17 වතා­වක්ම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ණය ගැනී­මට අපට සිදු­වුණා. එසේ කළත් ආර්ථි­කය ගොඩ ගැනී­මට නොහැකි වී තිබෙ­නවා. එහිදී අප විසින් නිර­න්ත­ර­යෙන්ම සිදු කර ඇත්තේ ආර්ථි­කයේ සේවා අංශය පුළුල් කිරීම පම­ණයි. කර්මාන්ත අංශය නොස­ලකා හැරීම නිසා නිෂ්පා­දන ධාරි­තාව අඩු වුණා.

“රාජ්‍ය බැංකු දෙකක් විසින් එක් එක් පුද්ග­ල­යන්ට ලබාදී ඇති ණය ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 602ක් පමණ වනවා. එයින් අති බහු­ත­ර­යක් ගෙවා­ගැ­නී­මට නොහැ­කිව බොල් ණය ලෙස කපා හැරී­මට සිදුව තිබෙ­නවා. මෙම ණය ප්‍රමා­ණය අප රටේ කෘෂි­ක­ර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා යෙද­වී­මට හැකි­වූවා නම් එම ක්ෂේත්‍ර­වල විශාල වර්ධ­න­යක් ලබා­ගැ­නී­මට හැකිව තිබුණා. රටේ මූල්‍ය පාල­න­යක් නොතිබූ නිසා එවැනි තත්ත්ව­යක් උදා­වුණා.

“මෙහිදී ව්‍යාපා­රි­ක­යන් මෙන්ම මූල්‍ය ආය­තන ද අර්බු­ද­යට පත් නොවන ආකා­ර­යට අප කට­යුතු කළ යුතුයි. ඒ අනුව පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟ­හ­රවා ගැනී­මට කට­යුතු කළ යුතුයි. ඒ සඳහා පරාටේ නීතිය සම්බ­න්ධව යම් සංශෝ­ධ­න­යක් අප ඉදි­රි­යේදී පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට බලා­පො­රොත්තු වනවා. කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් සඳහා වෙනම ණය යෝජනා ක්‍රම­යක් හඳුන්වා දීමට ද අප බලා­පො­රොත්තු වනවා. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාද එම මතය තුළ සිටි­නවා.

“ඒ වගේම අපට මූල්‍ය සහ­යෝ­ගය දෙන ලෝක බැංකුව, ආසි­යානු සංව­ර්ධන බැංකුව වැනි ආය­තන සමඟ සාකච්ඡා කොට මෙම අඩු පොලී ණය ක්‍රමය හඳු­න්වා­දී­මට අපේක්ෂා කර­නවා. බැංකුව හර­හාම ණය ලබා­දීමේ දී පව­තින ගැට­ලුව වන්නේ, ලැබිය යුතු අය­ව­ලුන් සඳ­හාම ණය ලබා­දීම සිදු වන­වාද යන්නයි. ඒ නිසා මෙම ණය පහ­සු­කම ලබා­දීම අධී­ක්ෂණ ක්‍රම­යක් යටතේ සිදු කළ යුතු බව කැබි­නට් මණ්ඩ­ලය සමඟ සාකච්ඡා කිරී­මෙන් පසුව අප තීර­ණය කළා. ඒ සම්බ­න්ධව ඉදි­රියේ දී මුදල් අමා­ත්‍යාං­ශය සමඟ සාකච්ඡා කිරී­මට ද අප බලා­පො­රොත්තු වනවා.”

Similar Posts