cricket match today sri lanka cricket match today

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කිරීමට සමත්වුණි.

ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණි.

දසුන් ශානක, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කඩුළු 3 බැගින් බිඳ හෙළුහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ අඛණ්ඩව ලැබූ 13වැනි ජයග්‍රහණය මෙය වීම ද, විශේෂත්වයකි.

ඒ අනුව අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජය ගත් දෙවැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වූ අතර එක්දින තරග රටාව තුළ අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගත් කණ්ඩායම ලෙස ද ශ්‍රී ලංකාව වාර්තා අතරට එක් විය.

Similar Posts