National Report on Prisons Ambika Satkunanathan HRCSL SLCAT

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර පිළිබඳ ජාතික අධ්‍යයනයේ වාර්තාවේ විධායක සාරාංශය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් පිළිබඳ පරිච්ඡේදයේ නිල නොවන පරිවර්තනයක් සිංහල, ඉංග්‍රිසි සහ දමිල භාෂාවෙන් ප්‍රකාශයට පත්කිරීම සිදු කරන ලදි.

වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකා එකමුතුවේ ජාතික සංවිධායක ඇන්තනී විනෝද් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ග්‍රන්ථය අද (25) වන දින කොළඹ 03, පිහිට රේනුකා සිටි හොටෙල් පරිශ්‍රරයේදී එළිදක්වන ලදි.

මෙහි දි සිරකරුවන්ට සිදුවන හිරිහැර වලට එරේහිව නීතිමය ක්‍රියාමර්ග ගැනිමට සිරකරුවන් වෙනුවෙන් පෙනි සිටිම මෙම සංගමය විසින් බලාපොරොත්තු වන බවද එහි ජාතික සංවිධායක ඇන්තනී මහතා සදහන් කරන ලදි.

සිරකරුවන්ට සැලකීම හා රඳවා තබා ගැනීම පිළිබඳ තත්ත්වය මූලික ජීවන ප්‍රමිතීන්ගෙන් ද බොහෝ පහළ තත්වයක පවතින බවත් හෙළිදරව් වී ඇති බවට එම සංගමය සදහන් කරයි.

එමෙන්ම සෞඛ්‍ය පහසුකම් හා පුනුරුත්තාපන අවස්ථාවද බන්ධනාගාර ගත වූවකුට අනිවාර්යෙන් හිමිවිය යුතු සේවාවන් ද ඉතා දුර්වල තත්වයක පැවතීමද මෙහි ප්‍රධාන හේතුවක් ලෙස සදහන් කරයි.

එමෙන්ම බන්ධනාගාර වල රඳවා ගත හැකියි ධාරිතාවය බොහෝ සෙයින් ඉක්මවා ගොස් තිබීම බරපතළ සේවක ඌනතාවය යන හේතුන්ද බන්ධනාගාර නිළධාරීන් දැඩි වෙහෙසට පත්ව වෘත්තිමය අසංතෘප්තතාවයෙන් හා මානසික පීඩාවන්ගෙන් යුතුව කටයුතු කිරීමවැනි කාරනා නිසා මෙම ගැටලුව උග්‍ර වීමට දැඩිව බලපානු ලබන බවද ඔවුන් පෙන්වාදෙයි.

මෙහිදි මෙම කරුණු සම්බන්දයෙන් අම්බිකා සත්ගුණනාදන් මෙනවිය (මනව හිම්කම් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස් වරිය) අදහස් දැක්වු අතර ආචාර්ය්‍ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය (ZOOM) තාක්ෂණය මගින් එහිදි අදහස් දක්වන ලදි.

හිටපු මානව හිමිකම් කොමිසම් සභා විසින් නිකුත් කරන ලද ජාතික අධ්‍යාපන වාර්තාව අප විසින් ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් ඒ තුළ වැදගත් කරුණු රාශියක් ගැබ්ව ඇති බව අපට හැගිගියා ඒ නිසා අපි මේ පොත එලි දැක්වීම සිදු කළ බවද එහිදි ඔවුන් සදහන් කරන ලදි.

Similar Posts