breaking news sri lanka tamil

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන හදලා තියෙන ලොකුම මිත්‍යාව එතුමා සහ ඔහුගේ සහෝදර පරපුර ඉතා විශිෂ්ඨ ගණයේ කළමණාකරීන් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රි ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියා. සභාපතිව සිටියේ ඔහුගේ ඥාති සොහොයුරෙක්. ඒ සමාගම 2008 දි භාර ගන්නකොට එමිරේට්ස් සමාගමෙන් සමුච්චිත ලාභය රුපියල් බිලියන 14 ක්. අද බිලියන 250 කින් පාඩු ලබන ආයතනයක් බවට පත් කළා කිසිම කෙනෙකුට බේර ගන්න බැරි විදිහට. ඔහුගේම සභාපතිත්වයෙන් පටන් ගත්තා මිහින් ලංකා ගුවන් සේවය. ඒ ගුවන් සේවයත් බංකොලොත් වෙලා අන්තිමට ඉතුරු වුනේ රුපියල් 56000 ක පුටුසැටියක් විතරයි. අද වෙනකොට බිලියන 03 කට වැඩි ප‍්‍රමාණයක් මේ රට ණය කාරයෝ බවට පක් කරලා තියෙනවා. ඔහු ලොකුවට කථා කරන නාගරික සංවර්ධන අධිකාරිය ඔහු අවසන් කළේ එය බිලියන 39 ක ණයකරුවෙකු බවට පත් කරලා. අපි තමයි බොහෝම අමාරුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ලාභ උපයන තත්ත්වයකට ගෙන ආවේ. මේ රටේ රාජ්‍ය ආයතන එක්දහස් තුන්සිය ගාණක් තියෙනවා. මහින්දගේ සමයේ මේ සියලූ ආයතන ලාභ ලබනවා වෙනුවට කළේ පාඩු ලබන එකයි. කළමණාකරීත්වය ගැන ඉන් හොදට පැහැදිලි වෙනවා.

ශ‍්‍රි ලංකා යුද හමුදාව සතුව මේ රටේ වටිනාම දේපල තිබුණා. අංක 01, ගාලූ පාර, කොළඹ 01 .ඒ මේ රටේ වටිනාම ලිපිනය යුද හමුදා මුලස්ථානය. අක්කර 10 ක්. සින්නක්කරට කිසිම සොයා බැලිමකින් තොරව විසි හතර පැයකින් කැබිනට් පත‍්‍රිකාවක් ගෙනත්ලා රුපියල් මිලියන 8250 කට ලබා දුන්නා. අපේ අමාත්‍යාංශයෙන් එම සමාගමටම නොවටිනා ඉඩමක් ජාත්‍යන්තර ටෙන්ඩර් කැ`දවලා අක්කර 06 ක් වික්කා මිලියන 13000 කට. ඔබට මෙහි වෙනස පේනවා. ඒ මිලියන 8250 ට වඩා වැඩි ප‍්‍රමාණයක් සිංගප්පුරුවේ ඇති කර ගත්ත සමාගමක් මගින් ලබා දුන්නා ප‍්‍රබල ව්‍යාපරිකයෙකුට. ඔහු එෆ් .සී.අයි. ඞී ගිහින් ප‍්‍රකාහ්‍යක් දුන්නා ඒ ලබාගත් මුදල් වලින් තංගල්ල බේ හෝටල් එක මිලදි ගත් බව. යුද හමුදා මුලස්ථානය තිබු ඉඩම විකුණලා ගන්න සල්ලි වලින් තවත් ගණනාවකට දෙන අතරේ මේ හෝටලේ මිලදි ගන්නවා. මේකද? රණවිරුකම.

පැලවත්තේ යුද හමුදා මුලස්ථානය ඉදිකරන්න ගත්තා. ඒ අතරේ අපේ හමුදාව තැන් විසි ගාණකට බෙදුනා. ආරක්ෂක අංශ වල ගෙවල් කුලී වලට වසරකට කෝටි 500 ක් යනවා 2013 ඉ`දලා. අවුරුදු 06 ක් මේ ආරක්ෂක හමුදාව පාරට ඇදලා දාලා තියෙනවා. කැබිනට් පත‍්‍රිකාවේ තිබුණේ ලබා ගන්න මුදල් වලින් ආරක්ෂක මුලස්ථානය ඉදි කරන්නේ කියලා. ඒ කියන්නේ මිලියන 8250 න්. අද මේක හදන්න ගිහින් තියෙනවා මිලියන 64000 ක්. මේ මුලස්ථානය නඩත්තු කරන්න අවම වශයෙන් වසරකට බිලියන 9- 9.5 ත් අතර වැය වෙනවා. මේක මේ රටට ඔරොත්තු දෙනවද? මේ රටේ සියලූම විශ්ව විද්‍යාල ඇතුලූ රාජ්‍ය ආයතන වල ගොඩනැගිලි නිර්මාණය කරන්න තිබු ධනයක් නාස්ති කළේ. මේක සාහසික අපරාධයක්.

මේ කැබිනට් පත‍්‍රිකාවටම දැම්මා මේ වාස්තු විද්‍යා කටයුතු තනි පුද්ගලයෙකුට පවරලා. මුදිත ජයකොඩි කියලා කෙනෙකුට. පාර්ලිමේන්තුව අදින්න භාර දුන්නේ අපි කවුරුත් දන්න ජෙෆ්රි බාවට. ඒකට කවුරුත් මේ රටේ අභියෝග කළේ නැත්තේ ඔහු ඒ සම්බන්ධයෙන් ප‍්‍රවීනයෙක් නිසා. නමුත් මුදිත ජයකොඩි කවුද ? ඥාතියෙක්. මිලියන 640 ක් ඔහුට ගෙව්වා. මොහු පහුගිය දවසක ගම්පහ උසාවියේ ගිහින් සාක්කියක් දුන්නා. බැසිල් මහත්තයගේ මල්වාන ඉඩම, ඔරුතොට පවත්වාගෙන ගිය පක්ෂ කාර්යාලය, බ‍්‍රවුන්ස් හිල් මාතර යන ඉඩම් මම මිලදි ගත්තේ ඔහු වෙනුවෙන්ය කියලා.

නාවුක හමුදාව සමුද්‍ර ආරක්ෂක වැඩ පිලිවෙලකට යොමු වුනේ 2009 න් පසුව. සෝමාලියාව, යේමනය, අප‍්‍රිකාව ආදි රටවල් වල තිබු බරපතල මුහුදු කොල්ලකාර ගැටලූව නිසා නැව් වලට ආරක්ෂාව සපයන්න ඕනේ බවට ආපු ඉල්ලීම මත අවි ගබඩාවක් පවත්වාගෙන ගියා ගාලූ වරායේ. 2010- 2012 කාලයේ මිලියන 1800 -2000 කට ආසන්න ප‍්‍රමාණයක් නාවුක හමුදාව ඉපයුවා. පස්සේ ඒක ලබා දුන්නා රක්නා ලංකා ආයතනයට. පසුව සති කිහිපයක් තුල ලබාදුන්නා ඇවන්ගාඞ් සමාගමට. ඒකෙන් 2012 -2015 දක්වා මිලියන දහ දාහක් මේ රටට අහිමි කළා.

සියලූම නාවුක හමුදාපතිවරු මේ ඇවන්ගාඞ් සමාගමෙන් පඩි ලබන අය. මේ අය අද රණවිරුවෝ ලෙස පෙනි සිටින්නේ කියලා මේ රටේ ජනතාවට අපි අවබෝධ කර දිය යුතුයි. රණවිරුවන්ට මුවා වෙලා මිලිටරි ජුන්ටාවක් පත් වෙන්නට යන එක ගැන, ඇති කරන්නට යන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අපි අවදියෙන් සිටලා එය පරාජය කළ යුතුයි.

Similar Posts