SRI LANKA-POLITICS-VOTE

පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය.

මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ දිනයේ තවත් තුන් දෙනෙකු ඉවත් වූහ.

මෙම 13 දෙනොගේ පිරිස ඉවත් වූවොත් ආණ්ඩුවෙන් ඉවත් වන මුළු පිරිස පනස් හත් දෙනකු දක්වා ඉහළ යයි.

Similar Posts