මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ කැනියන් ජලාශයේ මසුන් මැරීමට ගිය අවුරුදු 36ක පුද්ගලයකු අතුරුදහන් විමක් සම්බන්දයෙන් මස්කෙළිය පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය හපුගස්තැන්න උඩ කොටස පදිංචව සිටි මුරුගයියා කනගේස්වරන් (අවුරුදු 36) යන අය 15වන දින දහවල් සිට අතුරුදහාන්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥතින් පැමිනිලි කර ඇති බවත්ය.
මෙම පුද්ගලයා 15වන දහවල් කැනියන් ජලාශයේ මසුන් ඇල්ලිමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් එසේ ගිය එම පුද්ගලයා මේ වන තෙක් නිවසට පැමින නැති බවද එම ඥතින් වැඩි දුරටත් පවසා ඇති බවද පැවසු එම නිලධාරියා මෙම අතුරුදහන් විම පිලිබදව මස්කෙළිය පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts