පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ පදක්කමක් දිනා ගත් පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක් විය.

එංගලන්තයේ බර්මින්හම්හිදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද (04) අලුයම 2.00 ට පැවැත්විය.

තත්පර 10යි දශම 1යි 4කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
ධාවනය අතර අවසන් මොහොත දත්වා දෙවැනි තැන තිබූ යුපුන් අවසන් අවස්ථාවේ තුන් වැනියා විය.

Similar Posts