ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරු 2ට ආරම්භ වේ. එක්දින ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම මේ වන විට දරුණු පසු බැසීමකට ලක්ව සිටියදී ශ්‍රී ලංකාවට හමුවන හෙයින් ශ්‍රී ලංකාව සිය දෙවැනි ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට පිවිසේ. එමෙන්ම එංගලන්තයද ශ්‍රී ලංකා පිලෙන් ජයග්‍රහණය උදුරාගෙන හෝ බිඳ වැටී ඇති රිද්මය යළි ගොඩනඟා ගැනීමට වෙහෙසෙනු ඇත.

කෙසේ වුවද ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේදී එංගලන්තය හා ශ්‍රී ලංකාව 2007 සිට 2019 දක්වා හමුවූ අවසන් අවස්ථා හතරේදීම එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. එදා මෙදාතුර ලෝක කුසලාන තරග අවස්ථා 11කදී ශ්‍රී ලංකාව හා එංගලන්තය හමුවී ඇති අතර, එහිදී එංගලන්තය ජයග්‍රහණ 6ක් හා ශ්‍රී ලංකාව ජයග්‍රහණ 5ක් ලබා කරට කර සිටිති.

Similar Posts