වතු කම්කරුවන් තුල මේ වන විට හටගෙන ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක සංගමයේ නායක අචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මෙසේද පවසන ලදි.

මේ වන විට වතු කම්කරුවන්ගේ ආර්ථික මට්ටම දැඩි ලෙස පහල වැටිලා තියෙන්නේ මොකද මේ වතු කම්කරුවන්ට මේ වන විට ලැබෙන වැටුප ඔවුන්ට ජිවත් වන්න අවශ්‍ය ආහාර ගන්නත් මදි.

අද පවතින බඩු මිල හමුවේ මේ වතු කම්කරුවන්ට ලැබෙන දෛනික වැටුප වන රුපියල් 1000 ඔවුන්ට ජිවත් වන්නත් මදි වතුකරයේ සමහර වතු කම්කරුවන්ට මේ රුපියල් දහසේ දෛනික වැටුපත් නිසි ලෙස ලැබෙන්නේ නැහැ.

එවන් තත්වයන් මත වතු කම්කරුවන් බොහෝ දෙනකුට තම දරුවන් නිසි ලෙස පාසල් යැවිමට නිසි වත්කමක් නොමැති විමෙන් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතර මග නතරවන තත්වයක් උදා වෙලා තියෙන්නේ මෙම තත්වයන් මත වතුකරයේ බොහෝ දරුවන්ට නිසි අධ්‍යාපනයක් හැදැරිමට නොහැකි තත්වයක් පවතිනවා.

මේ වතුකරයේ හොදට අධ්‍යාපනය හදාරන්න පුලුවන් දක්ෂ දරුවන් විශාල පිරිසක් ඉන්නකවා එත් එම දරුවන්ට ඉගෙන ගැනිමට අවශ්‍ය පහසුකම් නොමැති විම තුලින් එම දරුවන්ගේ අනාගතය විනාශ විමේ අවදානමක් පවතිනවා.

අද සමහර වතු පාසල් ගත් විට එම පාසල්වල දරුවන්ට අවශ්‍ය මුලීක අයිතින් වන ජල පහසුකම් වැසිකිල පහසුකම්ද නිසි ලෙස නොමැති විමත්  විශාල ප්‍රශ්නයක් මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානය යොමු කල යුතුයි.

එමෙන්ම වතුකරයේ ඉගෙන ගැනිමට දක්ෂ එහෙත් ආර්ථික දුෂ්කරතා පවතින දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවිමටත් යම් වැඩ පිලිවෙලක් සකස් කිරිමට අදාල බලධාරින් පියවර ගත යුතුයි.

වතුකර ජනතාවගේ ජිවන රටාවන් නගා සිටුවිමට නම් වතුකර දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවිමට පියවර ගත යුතුයි එහෙත් වතුකරයේ සමහර දේශපාලකයන් අකමැතිම දේ තමයි වතුකරයේ අධ්‍යාපනය නගා සිටුවිම මොකද ඒ අය දන්නවා වතුකරයේ අධ්‍යාපනය නගා සිටුවිම තුලින් එම අයට මේ වතුකර ජනතාව රැවටිමට නොහැකි වන බව.

එම තත්වයන් මත වතුකරය නියෝජනය කරන සමහර දේශපාලකයන්ට අවශ්‍ය හැමදාකම නිසි අධ්‍යාපනයක් නොමැති පිරිසක් වතුකරයේ ජිවත්වනු දැකිමයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts