ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රති­පා­ද­න­ව­ලින් ඉදි­කර වසර 4ක කාල­යක් තිස්සේ වසා­දමා තිබූ ගම්පහ වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ ජනතා අයි­තිය වෙත ලබා­දී­මට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහ­තාගේ උප­දෙස් පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් රියර් අද්මි­රාල් මහා­චාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කට­යුතු කර ඇත.

ඒ අනුව රුපි­යල් මිලි­යන 40ක විය­ද­මින් පිහි­නුම් තටා­කය නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කොට වහාම ක්‍රියා­ත්ම­ක­වන පරිදි පාසල් දරු­වන්ට හා වැඩි­හි­ටි­යන් වෙනු­වෙන් විවෘ­තව තැබී­මට මෙම වැඩ­පි­ළි­වෙළ සකසා තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංව­ර්ධන නිල­ධාරී මඟින් ගම්පහ වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය පව­ත්වා­ගෙන යෑම ඊයේ (22) සිට ආරම්භ වූ අතර, පාසල් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් වෙනු­වෙන් හා වැඩි­හි­ටි­යන් වෙනු­වෙන් සහ­න­දායී අය­කි­රීම් මත මෙය ක්‍රියා­ත්මක කෙරේ.

Similar Posts