dusmanthawanidu

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳාු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (අයිපීඑල්) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.

තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කර මේ අවසරය දී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට අයිපීඑල් තරගාවලියට එක් වීමට හැකි වනු ඇත.

කෙසේ වෙතත්, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගවලට එක් වීම සඳහ ඔක්තෝබර් මස 10 වැනිදා ඔවුන් දෙදෙනාට යළිත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය සමඟ එක් වීමට සිදු වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අයිපීඑල් තරගාවලියේ ඉතිරි කොටසේදී වනිඳු සහ චමීර, විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

Similar Posts