වර්තමාන විපක්ෂයේ එකම පැතුම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය රටට නො ලැබේවා යන්න බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී  පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 700 ක මුදල ලබාගැනීම වෙනුවෙන් රජය මොහොතේ ක්‍රියා කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා සැප්තැම්බර් මාසයේ සමාලෝචන රැස්වීම් පැවැත්වුයේ එම කාරණය සඳහා බව කීය.

එම සාකච්ඡා වල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කොන්දේසිවල යම් යම් ආකාරයේ ගැටළු ටිකක් මතු වූ බවද ඉදිරි සති තුන ඇතුළදී එම සාකච්ඡා අවසන් වී ඉතිරි ණය වාරිකය ලබා ගැනීමට හැකි වෙතියි විශ්වාසය තිබෙන බවද රත්නප්‍රිය මහතා පැවසීය.

Similar Posts