pubg

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි.

නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි.

මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම් නිර්මාණය කරන නව නිර්මානකරුවන් 900කට වැඩි ප්‍රමාණයක් සිටින බව වාර්තා වෙයි.

 

pubg

Similar Posts