ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T – 20 තරග සංචාරයක් සදහා අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ.

මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් පිටත්ව ගියහ. ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් 50 තරග 03 ක් සහ T – 20 තරග 03 ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය.

මෙම ටෙස්ට් තරග 02 ක , ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර සීමිත ඕවර් 50 තරග , ක්‍රිකට් ලෝක කුසලාන තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිතය.

එසේම මෙම T – 20 තරග ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් සදහා ඉවහල් වන බව ද වාර්තා වේ.

Similar Posts