සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

දිවා ආහාර සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්.

ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 325ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 04ක් අතැතිවයි.

එහි දී ධනංජය ද සිල්වා ලකුණු 85ක් ද කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් ද ලබා නොදැවි පන්දුවට පහර දෙනවා.

ඔවුන් දෙදෙනා හත් වන කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 107ක් රැස් කිරීමට සමත් වුණේ.

Similar Posts