cricket

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය අද (09) පැවැත්වීමට නියමිතය.

තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වේ.

දෙවන තරගය අද රාත්‍රී 8ට පැවැත්වීමට නියමිත අතර පළමු තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වුණි.

ඒ හේතුවෙන් අද තරඟය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.

Similar Posts