t20worldcup

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් සාජා හිදී අද රාත්‍රීයේ පැවැත්වෙනවා. ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 07.30 ට ආරම්භ වනවා. අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගය සහ ලබන 04 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග 02 ජය ගත්ත ද, පළමු කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වල තරග ප්‍රථිඵල ද ශ්‍රී ලංකා පිළේ ඉදිරි ගමනට බලපානු ඇති.

Similar Posts