dalus

ලංකා සතොස ආයතනයේ සම්බන්ධව මෑතකදී අනාවරණය වූ සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුවත්පත් කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ඇති බවයි.

මෙම වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නොකැඳවන්න යැයි අගමැතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Similar Posts