1945න් පසු සිදුවන විශාලතම යුද්ධය ලඟදීම – 190,000ක සේනාවක් සහ බෝම්බ යානා 500ක් දැනටමත් සුදානම්

russiya-attack

යුක්රේනය ආක‍්‍රමණය කිරීම සඳහා රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් නියෝග කර ඇතැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කර ඇත. මේ ආක‍්‍රමණය සිදු වූවොත් එය 1945න් පසු සිදුවන විශාලතම යුද්ධය වේ. මේ ගැන වාර්තා වූ විගස ආක‍්‍රමණයට පෙර වහාම ක‍්‍රියා කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනය කර තිබේ.

ඇමෙරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැලසුම් සකස් කර අවසන් බවයි. මෙම දැවැන්ත ආක‍්‍රමණය සඳහා රුසියාව 190,000ක සේනාවක් සූදානම් කර තිබේ.

කොයි මොහොතේ හෝ යුක්රේනයට බෝම්බ දැමීම සඳහා ප‍්‍රහාරක යානා සහ බෝම්බ යානා 500ක් ද රුසියාව සූදානම් කර ඇතැම් ඇමෙරිකානු බුද්ධි අංශ කියා සිටියි.

Related posts