2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.

Sybrand Engelbrecht ලකුණු 70ක් සහ Logan van Beek ලකුණු 59ක් ලබා ගත්තා.

ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 පන්දු 2කදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කිරිමට සමත් විය

සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 54ක් රැස් කළහ.

ඒ අනුව මෙම තරගාවලියේ පළමු ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

Similar Posts