raja ram

බඩගින්නට  පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි.

කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි.

මේ බව පවසන ලද්දේ (15) වන දින හැටන් නගරයේදි වියළි ආහාර බෙදා දිමේ අවස්ථාවක් අමතමිනි.

ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සදහා මෙම වියළි ආහාර බෙදා දිම සිදු කල අතර මෙහිදි වැඩි දුරටත් කතා කල රාජා රාම්  මහතා ,

අද කඳුකරය කි විට බොහෝ දෙනකු හිතන්නේ මෙම ප්‍රදේශයේ  ඉන්නේ ගෙවල්වල මෙහෙකාර සේවයට, මුරකාර සේවයට පිරිස් සපයන ප්‍රදේශයක් කියලායි.

එම නිසායි පිට ප්‍රදේශවල බොහෝ පිරිසක් මෙම ප්‍රදේශයේ අයකු හමුවු විට ගෙදර වැඩට ගැහැනු කෙනෙක් හොයා ගන්න පුලුවන්ද ගෙදර මුරට පිරිමි කෙනෙක් හොයා ගන්න පුලුවන්ද කියලා අහන්නේ මෙම තත්වයන් වෙනස් කල යුතුයි ඒ සදහා මෙම ප්‍රදේශයේ සියලුම දෙනා එකට එක් විය යුතුයි.

අප පදනම මගින් හුගක් උත්සහ කරන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවගේ බඩගින්න නිවා දැමිමටයි ඒ සදහා මේ වන විට අපි වීශේෂ වැඩ පිලිවෙලක් සකස් කර තිබෙනවා එහි එක් පියවරක් තමයි මෙම වියළි ආහාර බෙදා දිම.

සමහර විට මෙම ක්‍රියාව සමහර අයගේ විවේචනවලට ලක් වෙන්නත් පුලුවන් මෙයට සමහර අය මඩ ගහන්නත් පුලුවන් කවුරු විවේචනය කලත්  කොයි තරම් මඩ ගැසිම් කලක් අපි මෙම වැඩ පිලිවෙල දිගටම ගෙන යනවා.

අප පදනම මගින් මේ වන විට අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය ඩේටා ලබා දිමටත් පියවර ගෙන තිබෙනවා. එහි  ප්‍රථම පියවර ලෙස පසුගිය 11වන දින විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාර සිසුන් 15 දෙනකු සදහා රුපියල් දහස බැගින් ලබා දිමටත් පියවර ගත්තා.

අපි මෙම කටයුතු කරන්නේ දේශපාලනයෙන් තොරවයි මෙම කදුකරයේ ජනතාවගේ සුභ සිද්ධිය  සදහා මෙම පදනම මගින් ඉදිරියේදි විශාල වැඩ කොටසක් කිරිමටත් අපි සැලසුම් කරමින් සිටිනවා ඒ සදහා ඔබ සැමගේ සහය අපිට අවශ්‍යයි.

මනුර සුදත් සෙල්ලහේවා- හැටන්

 

Similar Posts