stonis

ඕස්ට්‍රේලියානු පිතිකරු මාර්කස් ස්ටෝනිස් ගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව සමග පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 158ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඕස්ට්‍රේලියාව පන්දු වාර 16.3 කදී සිය ඉලක්කය සම්පුර්ණ කර ගනු ලැබුවේ කඩුලු 03ක් පමණක් අහිමි කර ගනිමින්ය.

මාර්කස් ස්ටෝනිස් පන්දු 18කදී ලකුණු 59ක් රැස් කරනු ලැබූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 4ක් ඇතුලත් වුණා. එමෙන්ම ඔහු සිය අර්ධ ශතකය පන්දු 17කදී වාර්තා කළ අතර එය සටහන් වුයේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි 20 තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි. එමෙන්ම මෙය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී පිතිකරුවෙකු වාර්තා කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය ද වනවා.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අද තරගයේදී වනිදු හසරංගට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. වනිදු හසරංග යැවු පන්දු වාර 03 තුලදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ලකුණු 53ක් ලබා ගැනීමේ අද තරගයේ ප්‍රතිපලයට දැඩි බලපෑමක් එල්ල කෙරුණා.

 

Similar Posts