palath-palana

පළාත් පාලන ආයතනවල පනත්වල විමධ්‍යගත මුදල් කියලා දෙයක් නෑ.ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල තියනවා ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් යනුවෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරියා කල ප්‍රකාශය නිසා පණින රිලවුන්ට ඉනිමන් ලැබී ඇති බව මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අනාවරණය කළහ.

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ඊයේ (01දා) සවස පළාත් පාලන කොමසාරිස් එන්.එච්.රෝයි නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 14දෙනෙකු සමග පැවති සාකච්චාවක් සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන උපාලි ආනන්ද මහතා හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ඉන්දික රුක්මන් රාජපක්ෂ යන මහත්වරුන් ඊට අප්‍රසාදය පලකරමින් අදහස් පලකළහ.

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ දූෂණ හා වංචාවන් පිළිබදව පසුගිය සමයේ සිට හිටපු පළාත් පාලන කොමසාරිස් මහේෂි කොඩිප්පිලිආරච්චි මහත්මියට පැමිණිලි පහක් ඉදිරිපත් කළත් ඊට සාධාරණය සිදුව නැති බව කී මන්ත්‍රීවරුන් වර්ථමාන කොමසාරිස්වරයාටත් ඒ පිළිබදව සැලකිරීමට උත්සහ කළ අවස්ථාවේ ඔහු මගහැරි බව මන්ත්‍රීවරුන් දෙපළ කීහ.

සාකච්චාවට එක්වූ නව පළාත් පාලන කොමසාරිස්තුමා කියනවා සභාවල ටෙන්ඩර් මණ්ඩල දූෂිතයි මූල්‍ය කලමනාකරණය දූෂිතයි වැරදි තියනවා කියලා.පණත්වල විමධ්‍යගත අරමුදල් කියලා දෙයක් නෑ කියලා කියනවා.සභාපතිවරයාට මන්ත්‍රීවරුන්ට සල්ලි බෙදලා දෙන්න බෑ කියලා කියනවා.

එහෙම කියලා කියනවා සභාපතිවරයාට අසීමිත බලතල තියනවා මේක පුදුම ආයතනයක්.සභාපතිට අභිමතය පරිදි ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කියනවා.

පළාත් පාලන කොමසාරිස්වරයා මේ මොනවද කියන්නේ.එයාම දූෂිත කියලා එයාම කියනවා සභාපතිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.එතකොට මහජනතාවට සේවාවක් සිද්ධවෙයිද මේ ආයතනයෙන්?

මම ජනතාව වෙනුවෙන් තියන ප්‍රශ්න වෙනුවෙන් දූෂණ වංචා  යනුවෙන් කථා කළාම ඒවා එළිකරන්න යනකොට ඔයා ආවේගශිලියි මම ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙමෙයි ආවේ කියලා එතුමා කියනවා.මම ගුටිකෑවේ කොන්වුනේ මහජනතාවට තියන පොදු ප්‍රශ්න ගැන කියන්න ගිහිල්ලා යනුවෙන් පොදුජන පෙරමුණු මන්ත්‍රී උපාලි ආනන්ද මහතා පැවසුවේය.

කොමසාරිස්වරයා මෙතන්ට ආවේ ප්‍රශ්න විසදන්න නෙමෙයි ඉදිරියේ තියන අයවැය දිනාගන්න වැඩකරලා දෙන්න කියන පණිවිඩය මන්ත්‍රීවරුන්ට දෙන්න.සභාපතිට උදවු කරන්න ඕන කියලා වක්‍රව මුදල් බෙදලා දෙන්න කියලා ඔහු ඉගිකරනවා.

මේ මුදල් කාටවත් බෙදන්න බෑ ඒවා දඩ හා මුද්දර සල්ලි.පළාත් පාලන කොමසාරිස්තුමට වංචා හා දූෂණ එලිකරන්න ආවම එතුමා හිමින් ඒ ප්‍රශ්න මග ඇරලා ගියා යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ඉන්දික රුක්මන් රාජපක්ෂ මහතා පැවසුවේය.

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ නිල රථයට ඉන්දන ලබාගැනීම තෙවරක් ක්ලච් ප්ලේට් සවිකිරීම සිය අභිමතයට වෙළදසැල් බෙදාදීම නීතිවිරෝධිව නාගරික සංවර්ධන අධිකාරියේ නීති උල්ලංඝණය කරමින් වෙළදසැල් දෙකක් එක වෙළදසැලක් බවට පත්කිරීම ඇතුළු සවිස්තරාත්මක චෝදනා පහක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා අද(02දා) පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එන්.එච්.රෝයි නිෂාන්ත මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන් බොරු ප්‍රකාශ ඉදිරිපත් කරනා බවයි.තමන් පළාත් පාලන ආයතන දූෂිත බව ටෙන්ඩර් හා මූල්‍ය අක්‍රමිකතා ඇති බවක් හෝ අයවැය පිළිබදව කථා නොකල බව ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts