elec set alarm for 11 30

Research Lanka ආයතනය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පරමාධිපත්‍යය ඉලක්ක කරගනිමින් පවත්වන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත.

මෙම සමීක්ෂණය පැය 24 ක කාලයක් අන්තර්ජාලය (Online) හරහා සිදුකර ඇත.

උතුරු නැගෙනහිර සහ වතුකරය හැර දිවයිනේ සෙසු සියලු දිස්ත්‍රික් ආශ්‍රිතව සම්බන්ධ කරගෙන ඇත.
සිංහල මාධ්‍යය තුළින් පමණක් සිදුකරන ලද්දකි.

මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවට 79.5%ක් පවසා ඇති අතර 20.5% ක් ප්‍රකාශ කරන්නේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවයි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගතයුතු හොඳම මග නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කර අපනයනය වර්ධනය කළ යුතු බවට 81.9%ක් පවසා ඇත.

48.8%ක් ආකල්පමය වෙනස්කම් කිරීම තුළින් ලාංකික සමාජය වෙනස් කළ හැකි බව පවසන අතර,
34.6%ක් පවසන්නේ නිසි ක්‍රමවේද (Systems) හඳුන්වා දීම මගින් මෙය සිදුකළ හැකි බවයි.
16.5%කගේ මතය වන්නේ දැඩි නීති පැනවීම හරහා පමණක් ලාංකික සමාජය වෙනස් කළ හැකි බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවට පත් විය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව මතය පිළිබිඹු වන්නේ මෙලෙසිනි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙසත් හරිනි අමරසූරිය අගමැති විය යුතු බවත් 46.5%කගේ මතය වේ.

11% බැගින් මත දෙකක් පළවී ඇත.එක් මතයක සඳහන් වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙසත් චම්පික රණවක අගමැති විය යුතු බවටයි.
අනෙක් මතය වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති විය යුතු බවත් චම්පික රණවක අගමැති විය යුතු බවත්ය.
මෙහි ඇති විශේෂත්වය නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති විය යුතුබවට සැළකිය යුතු මට්ටමේ මතයක් පළනොවී තිබීමයි.

Similar Posts