russiya-attack

යුක්රේනයේ නැගෙනහිර වාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති,ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින් පහර දී ඇති බවයි.

මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා මෙය බලපාන්නේ යුක්රේනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.

 

Similar Posts