online class

ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර කලද සමහර ගුරුවරුන් අධික මුදලක් අය කරමින් අමතර පංති පවත්වන බවත්ය.

මෙසේ අමතර පංති පවත්වන සමහර ගුරුවරුන් ශීෂ්‍යත්ව පංති හා සාමාන්‍ය පෙළ පංති පවත්වන බවත් එම සමහර ගුරුවරුන් ශිෂ්‍යත්වය සදහා එක් විෂයකට රුපියල් 750ත් 1000ත් අතර මුදලක් අයකරන බවද ඔවුන් පවසති.

එමෙන්ම සමන්‍ය පෙල සදහා පංති පවත්වනු ලබන සමහර අමතර පංති ගුරුවරුන් එක් විෂයක් සදහා රුපියල් 1000ත් 1500ත් අතර මුදලක් අය කරන බවත් යම් හෙයකින් නියමිත දිනට එම මුදල් ගෙවිමට නොහැකි වුවහෝත් තම දරුවන්ට අමතර ඉගැන්විම් නොකරන බවද ඔවුන් පෙන්වා දෙයි.

කොවිඩ් වසංගත තත්වයන් මත තමන්ද දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජිවත් වන බවත් එම තත්වයන් මත මෙසේ අධික මුදලක් වැය කර තම දරුවන්ට ඉගැන්විමට සිදු විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම දෙමාපියන් පවසති.

කොවිඩ් හේතුවෙන් විදුහල්ද වසා ඇති කාලය තුලදි ඔන් ලයින් ඔස්සේ තම දරුවන්ට ඉගැන්විම් කිරිමද ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා හේතුවෙන් නවතා දැමුනද මෙකි සමහර ගුරුවරුන් මෙසේ අධික මුදලක් අය කරමින් අමතර පංති පැවැත්විම තම දරුවන්ට මෙන්ම තමන්ටද කරනු ලබන දැඩි අසාධාරනයක් බවත් එම දෙමාපියන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts