ජේෂ්ඨ පොලිස් අධිකාරි චුලනි සි. වීරරත්නට උපහාර

හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි චුලනි සි. වීරරත්න මහතා විශ්‍රාම යාම නිමිති කරගෙන ඒ මහතාට උපහාර දැක්විමේ ආචාර පෙලපාලියක් 14වන දින හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි.

චුලනි සි වීරරත්න මහතා උප පොලිස් පරික්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැදි වසර 35ක කාලයක් පොලිස් ස්ථානාධිපතිවරයකු, මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු, පොලිස් අධිකාරිවරයකු හා ජේ. පොලිස් අධිකාරිවරයකු කටයුතු කරමින් මේ මස 15වන දින විශ්‍රාම යාමට නියමිතව ඇත.

ඒ මහතාගේ විශ්‍රාම යාම නිමිත්තෙන් 14වන දින හැටන් මුලස්ථාන පොලිසිය විසින් මෙම සමුදිමේ අචාර පෙලපාලිය පැවැත්වු මෙම අවස්ථාවට හැටන් පොලිස් අධිකාරි ආර්. එම්. කේ. එන්. රණවිර, හැටන් සහකාර පොලිස් අධිකාරි රසික රත්නායක, හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. ඩි. පලිපාන යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරින්, ප්‍රදේශයේ විවිධ රජ්‍ය නිලධාරින්, මෙන්ම වීරරත්න මහතාගේ හිතවතුන් පිරිසක්ද පැමින සිටින ලදි

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

Related posts