බගවන්තලාව කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහළට

corona

බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහල ගොස් ඇති බවත් එක් කොවිඩ් මරණයක් වාර්ථාවි ඇති බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු මෙම කොවිඩ් ආසාදිතයන් පස් දෙනා කොවිඩ් ආසාදනයෙන් මිය ගිය පුද්ගලයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් බවත්ය.

මෙසේ හමුවු ආසාදිතයන් ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර සිටියදි එම පි. සි. ආර්. වාර්ථා මත කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවත් මෙම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවද ඔහු පවසන ලදි.

මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන්ද ස්වයං නිරෝධානයට ලක්කර එම පිරිස්ද පි. සි. ආර්.පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts