unusum puwath

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 – 20 ලෝක කුසලානයේ පළමු වටයේදී ඔහු එම උපදේශක තනතුරේ කටයුතු කරනු ඇති.

ජෛව බුබුල යටතේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වනු ඇති. මහේල මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ද කටයුතු කරනවා.

ඕමානයේ දී පැවැත්වීමට නියමිත මූලික වටයේ තරඟ සඳහා පමණක් මහේල මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Similar Posts