ආරදවන්තයින්ගේ දිනය හා සායින්දමරුදු නගර සභාව

කපුවාගේ කොලුවා දේවාල භූමියේ මළ පහ කළාට කපුවාවත් දෙවියන්වත් කලබල වන්නේ නැත. ඒමෙන්ම, ඒසේ මළපහ කිරීම හේතුවෙන් කොලුවට කිසිදු අපල උපද්‍රවයක්ද ද සිදු වන්නේ නැත. දේවාල භුමිය අපවිත්‍ර වී දුගද හැමුවත් බැතිමතුන් ඒ් සම්බන්ධව කෙළ පිඩක් හෝ නොහෙලන්නේ කපුවත්, දෙවියත් ඒකවර උදහස් වූවහොත් ඒමගින් සිදුවිය හැකි අනිසි විපාක පිළිබදව වැටහීමක් ඇති නිසාය.

පසුගියදා සයින්දමරැදු ප්‍රදේශීය පාලන ප්‍රදේශය නගර සභා පාලන ප්‍රදේශයක් කළ බවට පත්කළ අති විශේෂ ගැසට් නිවේදනය ආදරවන්තයින්ගේ දිනය දා ඒනම් පෙබරවාරි 14 වන දින නිකුත් විය. නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, කල්මුණේ නගරය ආසන්නයේ පිහිටි සයින්දමරුදු යන නම අපිට වැඩියෙන්ම අසන්න ලැබුනේ පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුවයි. ඒ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරැ සහරාන් ඇතුළු කණ්ඩායම සයින්දමදුරැ ප්‍රදේශයේ පදිංචි කරැවන් බවටත්, ඒම ප්‍රදේශයේ සිට පුහුණුවීම් කළ බවටත් වර්තාවීමත් නිසාය. ඒ් නිසා ප්‍රභාකරන්ගේ අවසන් සටන් බිම මුල්ලිවෛයිකාල් මෙන්ම සහරාන්ගේ සායින්දමරැදු දකුණට කිසිසේත් අමතක කළ නොහැකි ප්‍රදේශයන් දෙකක් විය.

සමහර ප්‍රදේශයන්හි ජනග්‍රහණය වර්ධනය වන විට ඒම පරිපාලන ප්‍රදේශ නගර සහා හෝ මහ නගර සභා කර දෙන ලෙස දෙන ලෙස ඉල්ලීම සමාන්‍ය තත්ත්වයකි. පසුගිය කාලය සීමාව තුළ ප්‍රදේශීය සභා ගනනාවක් ඒසේ නගර සහා බවට පත්කරනු ලැබීය නමුත් සයින්දමරැදු පරිපාලන ඒ්කකය නගර සභාවක් කිරීම ඒම සාමාන්‍ය තත්ත්වයට ඒහා යාමකි. වර්තමාන රජය නියෝජනය කරනු ලැබු සමහර දේශපාලන නායකයින් පසුගිය කාලයේ පවසා සිටියේ මෙම ප්‍රදේශය නගර සභා ප්‍රදේශයක් බවට පත්කිරීම ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි සැපයීමක් බවයි. ඒමෙන්ම මේ සම්බන්ධව විශාල මාධ්‍ය මෙහෙයුමක නිරත වූ පුද්ගලික නාලිකා දෙකක් පවසා සිටියේ සායින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීම තුළින් අන්තගාමී මුස්ලිම් පුරවරයක්, ත්‍රස්තයින්ගේ නිජබිමක් ඒමගින් නිර්මාණය වන බවයි.

බැසිල් ප්‍රනාන්දු මහතා මෙරටට ආ විගසම සයින්දමදුරැ නගර සභාව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය ජනාධිපතිවරණයේ දී හිස්බුල්ලා හා අතාවුල්ලා සමග ඇති කරගත් ගිවිසුමක් අනුව බවත්, මහ මැතිවරණයේ දී නැගෙනහිර පළාතේ ඡන්ද ප්‍රථිශතය වැඩි කිරීම සදහා මෙම පියවර ගෙන ඇති බවත් මේ සම්බන්ධව සමහර මාධ්‍ය වාර්තා කර තිබුනි.

නමුත්, අද වන විට මෙම ප්‍රශ්ණය විකුණාගෙන කමින් සිට දේශපාලඥයින්, මාරාන්තික උපවාසයන්හි නියැලුන සමහර ස්වාමීන්වහන්සේලා හා ඉහත මාධ්‍ය මේ ගැන කිසිවක් කතා නොකරයි. ඒ් කපුවාගේ පුතා විසින් දේවාල භුමියේ මළපහ කර ඇති බව දන්නා නිසාය.

නමුත්, මේ අන්ත ජාතිවාදී බේගල් දේශපාලණය නිසා අතරමං වුවන් කිහිප දෙනෙකු මුහුණු පොතේ තම ශෝකය, කණාගාටුව හා විරෝධය මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුනි. පහත දැක්වෙන්නේ ඒවැනි ඒක් ප්‍රකාශයකි. සයින්දමරැදු වල වෙනම නගර සභා පාලනයක් ලබා දීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. කරන හැම පාවාදීමක්ම හොදයි කියන්න අප වහල්ලු නොවෙයි, අවංකව මුං ඔක්කොම ජාතියට ආදරේ නැහැ.

 

Related posts