කොරෝනා රටවල් 84ක, ලෝක වසන්ගත තත්ත්වයකට පත්වන ලකුණු ..!

අද වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පිළිබදව රටවල් 84කින් වාර්තා වෙයි. මෙම රටවල් 84 තුළ කොරෝනා ආසාධිත රෝගීන් 95,184 ක් මේ වන විට වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් 51,513 දෙනෙකු සුවය ලබා ඇති බව වාර්තා වේ. මෙම වෛරසය ආසාදනය වී මිය ගිය ප්‍රමාණය අද (5) වන විට 3254 ක් බවත් වාර්තා වේ. ඒම වාර්තාවන්ට අනුව දැනට කොරෝනා වෛරසයට ගොදු වී සිටින සම්පුර්ණ රෝගීන් පිරිස 40,417 වන අතර ඉන් 6883 ක් බරපතල තත්ත්වයේ පසුවෙයි.

මීට මසකට පමණ පෙර චීනගේ හුබේ ප්‍රාන්තයෙන් මෙම වෛරසය සහිත රොගීන් ප්‍රථමයෙන් වාර්තා වූ අතර, අද විට ඒසේ වෛරසය අසාදනය වී ඇති රෝගීන් 80,282ක් චීනයෙන් පමණක් වාර්තා වේ. ඉන් රොගීන් 2981ක් මෙම වෛරසය හේතුවෙන් මේ වන විට මියගොස් ඇත.

මේ අතර චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ තම රට තුළ කොරෝනා වෛරසය පැතිරීම  මේ වන විට පාලනය කර ඇති බවයි. ඒ් අනුව ඊයේ (4) වන විට චීනයෙන් කොරෝනා ආසදිත රෝගීන් 12 දෙනෙකු පමණක් අලුතින් සොයාගෙන ඇති බවත්,  මේ හේතුවෙන් මරණ කිසිවක් වර්තා නොවු බව චීන සෞඛ්‍ය බලධාරීන් පවසයි.

නමුත් අන් රටවල මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, ඉතාලිය, ඉරාණය හා දකුණු කොරියාව තුළ ඉතා වේගයෙන් මෙම වෛරසය පැතිරෙමින් පවතින බව වාර්තා වේ. චීනයෙන් පිටත වැඩිම කොරෝනා ආසදිතයින් පිරිසක් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙන් වන අතර ඒම සංඛ්‍යාව 5621ක් බව වාර්තා වේ. ඉන් මෙම වෛරසය ආසදනයෙන් 35 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

මේ අතර, මෙම වෛරසය ආසාදනයෙන් චීනය හැරැණු විට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි. කොරෝනා වෛරස් ආසාදිතයින් 3089 ඉතාලියෙන් වාර්තා වී ඇති අතර, ඉන්  මරණ 107ක් ඉතාලියෙන් වාර්තා වේ. ඉරානය 5 වන ස්ථානයට පත්වී ඇති අතර රෝගීන් 2922 ක් වාර්තා වී ඇති අතර මරණ 92ක් ඉරානයෙන් වාර්තා වේ.

පසුගියදා ලංකාව තුළත්, චීන ජාතික ඒක් රෝගියෙක් සොයාගනු ලැබූ අතර අය, පසුව අය සුව වී රෝහලෙන් පිටව යන අයුරැ අපට දැක ගන්නට ලැබුනි. ඒ් හැරැණු කොට ලංකාවෙන් කිසිදු කොරෝනා ආසදිත රෝගියෙක් මෙතෙක් වාර්තා වී නොතිබුනි. නමුත්, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති බව වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ලෝක වසංගත තත්ත්වයක් බවට මෙය පරිවර්තනය විය හැකි බවයි. මෙම වෛරසය හේතුවෙන් දැටනමත් රටවල් ගනනාවක නගර හා කඩ සාප්පු හා පාසැල් වැනි පොදු ස්ථාන වසා දැමා ඇති අතර, ඉන් සමාන්‍ය ජන ජීවිතය සම්පුර්ණයෙන් ආඩාලව පවතී. ඒමෙන්ම, සමහර කර්මාන්ත ශාලා හා වෙනත් ව්‍යාපාරික ස්ථානයන්ද  මේ හේතුවෙන් වසා දමා  තිබේ.

 

 

Related posts