astrazeneka

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කෝවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ් රටවල් කිහිපයක් විසින් කෝවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි.

වර්තමානයේ මෙම වසංගතයෙන් දරුණුම ලෙස පීඩාවට පත්වූයේ අප දියුණු යැයි හදුන්වනු ලැබූ ඇමරිකාව ඇතුලු බටහිර රටවල්ය. මින් ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වය තවමත් බරපතලය. මෙම වෛරසය හේතුවෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට මිය ගොස් තිබේ.

එමෙන්ම, දැනට මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති මිලියන 2.3ක ජනගහණයෙන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබෙන්නේ ඉන් ප්‍රධාන රටවල් 5කින් බවයි වාර්තා වන්නෙ. මුල් අවස්ථාවේ දීම මෙම වසංගතයේ ඇති බැරෑරුම්කම පිළිබදව නිවැරදිව අවබෝධයක් ලබා නොගත් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහු ගිය මග ගත් බ්‍රසීල ජනපති වැනි අයගේ ක්‍රියාකලාප නිසා එම රටවල් විශාල ලෙස මෙම වෛරසයෙන් පීඩා විදිනු ලබයි.

මේ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිව එම රටවල වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල හඩා
වැටෙන අයුරු අප මාධ්‍ය හරහා දුටුවෙමු.

මෙවැනි තත්ත්වයක් මත අපේ සමහර වෛද්‍යවරුන් මෙන්ම බුද්ධිමතුන් ලෙස හදුන්වනු ලබන ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් පෙරට පැමිණ විද්‍යාවෙන් නොව මිත්‍යාවෙන් මෙම රෝගයෙන් වැලකී සිටීමට අපට හැකියාව ඇති බව කියා සිටියේ ය.

මුල් අවස්ථාවේ මෙම වසංගතයට ඉතා සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාව ඉහලින්ම පැවතුනි. ඉන් ඔලුව උදුම්මාගෙන කටයුතු කරනු ලැබීමත්, මෙසේ ඔලුව උදුම්මාගත් කිහිප දෙනෙකු විසින් කරනු ලැබූ මරි මෝල්
ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද පවතින ආකාරයේ දරුණු ව්‍යසනකාරී තත්ත්වයට අප පත්වී තිබේ.

එක ගොංකමක් වසා ගන්න, ඒ ගොංකමටම නායකත්වය සැපයූ පිරිස විසින්ම, ගොං කතා ඇසීමට හා ගොං වැඩ කිරීමට රුචිකත්වයක් දක්වන පිරිසක් ඉලක්ක කරමින් ඔවුන් තව දුරටත් ගොනාට ඇන්දීමේ ක්‍රමවේදයක් රටට හදුන්වා දෙනු ලැබීය. ඒ සදහා දේශපාලන සහාය ලබා ගැනීමට හැකියාව ලැබු අතර, ප්‍රධාන
මාධ්‍ය ආයතන කිහිපයක්ද ඊට පෙරමුණ ගත්තේ ය.

දුම් මුට්ටි ඇල්ලීමෙන් පටන් ගත් මෙම ස්වදේශීක නාට්‍යාවලිය, පැං කලගෙඩි ගංගාවලට හෙලීම වැනි අග්‍රගන්‍ය කෙටි නාට්‍යවල සිට කොවිඩ් පැනිය වැනි මෙගා නාට්‍ය නිෂ්පාදනය දක්වා වර්ධනය විය. මෙම නාට්‍ය මාලාවේ දම්මික පැණිය නාට්‍ය ලංකාවේ ජනප්‍රියම මෙගා නාට්‍ය බවට පත්කිරීමට, දෙරණ හා හිරු මාධ්‍ය තම උපරිම ගුවන් කාලයක් මිඩංගු කළාය.

මෙම නාලිකාවන්ට පිංසිදු වෙන්නට බොරුවට හා මිත්‍යාවට සැමදා කැමැත්ත දක්වන නන්දෙසින් පැමිණි ප්‍රේක්ෂකයින් දින ගනන් පෝලිම්වල ලැග සිටිමින්, පොරකමින් රංඩු වෙමින්, සෞඛ්‍ය නිර්දේශයන් තඹයකට මායිම් නොකරමින් කටයුතු කරනු අයුරු අප දිනපතා ඉහත මාධ්‍ය හරහාම දුටුවෙමු.

ඉහත ජනතාවට පමණක් නොව බොරුව හා මිත්‍යාව වපුරන දේශපාලඥයින්ට මෙම නාට්‍ය නිශ්පාදකයින් විසින් පැණි පෙවීම ආරම්භ කරනු ලැබූ අතර, පාර්ලිමේන්තුවේ කතානායක වරයා සිට, සෞඛ්‍ය ඇමති ඇතුලු මැති ඇමතිවරුන්ටත්, මහනායකවරුන්ටත්, ඇතුලු බොහෝ දෙනෙකුට මේ පැණි පොවනු ලැබීය. වැඩේ ටිකක් අවුල් වුයේ සෞඛ්‍ය ඇමතිනියට හදිසියේ කොරෝනා වසංගතය වැලදීම හේතුවෙනි.

ඇමතිවරිය විසින් අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය ලබා නොගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය මේසන්බාස් විසින් සොයාගෙන ඊටත් විසදුම් ඉහත මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් ඊලග ඒපිසෝඩයට ඒකට ලැහැස්ති වෙද්දී ඉන්දියාව සුපුරුදු පරිදි අපිට නැවතත් ගුවනින් පරිප්පු එව්වේය. ඒ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් ඒන්නතයි.

අපි දුම්හට්ටි, පැං මුටිටි, දම්මික පැණි සොයා මිත්‍යාව පසුපස දිව යද්දී, අතීතයේ මිත්‍යාවේ ගැලී සිටි, අපටත් මිත්‍යාව තරමක් පොම්ප කළ අසල්වැසි ඉන්දියාව බටහිර වෛද්‍ය විද්‍යාව මත පදනම් වෙමින් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් අප වෙත ඒවා තිබේ.

විවිධ දුෂ්කරතා හා අපහසුතා මධ්‍යයේ වුවත්, වසරකට ආසන්න කාලයක් තිස්සේ මුලු ලෝකයම කෝවිඩ් 19 වසංගතයට විද්‍යාවෙන්ම පිළිතුරු සෙවීමට වෙහෙසෙද්දී, අපේ විශේෂඥයින් අවිද්‍යාවට මුල් තැන දෙමින්, නාථ, විශ්ණු දෙවියන් පසුපස ගොස් අන්තිමේ දී කාලි අම්මාගෙන් සලං විය.

විද්‍යාව තවත් විෂයයක් ලෙස පමණක් භාවිතා කළ මෙරට ඊනියා බුද්ධිමතුන් එය ජීවිතයේ ප්‍රධාන කොටසක් ලෙස භාවිතාවට ගෙන නොමැති බව මින් නැවතත් තහවුරු විය.

මෙම වෛද්‍යවරුන් හා ආචාර්ය මහාචාර්ය පට්ටම් ලත් මැට්ටන් විසින් රග දැක්වූ නාටකය නිසා ඔවුන් පිළිබදව විශ්වාසය තැබූ යම් ජන කොට්ඨාශයක් මෙන්ම, අවසානයේ මේ රටේ සෞඛ්‍ය ඇමතිනියක් මෙම වසංගතයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත් විය.

Similar Posts