කැලණි කලා­පයේ පාසල් අතර පැවැ­ත්වෙන ක්‍රිකට් තර­ගා­වලි අත­රින් පැර­ණිම ක්‍රිකට් තර­ගා­ව­ලිය වන කැලණි හටන මහා ක්‍රිකට් තර­ගා­ව­ලිය 34 වන වර­ටත් මේ මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹ ශ්‍රී සර­ව­න­මුත්තු ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත.

විදු­ල­කර පිරි­වෙනේ ආභා­ෂය ලද කැලණි කලා­පයේ පැර­ණිම පාසල් දෙකක් වන ගුරු­කුල සහ ධර්මා­ලෝක ජාතික පාසල් දෙක අතර මංගල ක්‍රිකට් තර­ගය 1988 වස­රේදී පවත්වා ඇත.

එදා මෙදා­තුර 33 වාර­යක් පැවති ක්‍රිකට් තරග අත­රින් ගුරු­කු­ල‍ ­වි­ද්‍යා­ලය 2012, 2014, 2016 යන වස­ර­ව­ලදී ජය­ග්‍ර­හණ 3ක් හිමි­කර ගෙන ඇති අතර, ධර්මා­ලෝක විද්‍යා­ලය මෙතෙක් ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගෙන නැත.

ගුරු­කුල විද්‍යා­ලයේ විදු­හ­ල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු සහ ධර්මා­ලෝක විද්‍යා­ලයේ විදු­හ­ල්ප­තිනි දිනිති අම­ර­සිංහ මහ­ත්මිය සහ ගුරු­කුල විද්‍යා­ලයේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය අනිල් මංජුල කුමාර මහතා ඇතුළු විද්‍යාල දෙකේ ක්‍රිකට් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන්ගේ ද සහ­භා­ගි­ත්ව­යෙන් පසු­ගි­යදා ගුරු­කුල විද්‍යා­ල­යේදී කැලණි හටන ක්‍රිකට් තර­ගය පිළි­බ­ඳව මාධ්‍ය සාක­ච්ඡා­වක් පැවැත්වූ අතර එම අව­ස්ථා­වට කණ්ඩා­යම් දෙකේ නාය­ක­යන් ද එක්ව සිටි­යහ.

ගුරු­කුල විද්‍යා­ලීය කණ්ඩා­යම – මොහො­මඩ් මුර්ෂාඩ් (නායක),

එච්. යුව­නෙත් මධු­ශංක (උප­නා­යක), කේ. ඒ. තරූෂ දිල්සාර,

බී. තත්සර එෂාන්, ජේ. පූර්ණ කල්හාර, ඩී. ඩී. චත්රුක පෙරේරා,

ඒ. ඩී. එච්. නිම්සර ප්‍රනාන්දු, ඩබ්ලිව්. ඒ. ශහීන් අවිශ්ක,

එච්. එස්. නෙත්සර දහ­ම්සිත්, ඩබ්ලිව්. ඒ. ජනිත් මිහි­රංග,

එන්. ඒ. නේතන් ඩිශේන්, ඩී. එම්. ජවිදු මධු­ශංක, විමුක්ති එදි­රි­සිංහ, සිනෙත් යසශ්‍රී දේව­ප්‍රිය, විදූශ කෞශල්‍ය ප්‍රභා­ෂ්වර,

ඔහාස් සදෙව් තුශාන්ත, ඔසද ඉඳු­වර ෆොන්සේකා,

රාජු දිල්රු­වන්

ධර්මා­ලෝක කණ්ඩා­යම – කේ. තේමිර නිකා­ශන නියෝ­මාල්,

ඒ. සනිරු නිම්නාල්, හශේන් ශ්‍යාමල්, එම්. ඕමාල් විහඟ,

ඒ. සනිදු ප්‍රබෝධ, එම්. සුඛාන් චන්දිල, එම්. මෙවන් රංදී­පන,

කේ. ඒ. වගීෂ ආමන්ත, එම්. සී. කවීන් දෙනෙත්, එම්. එෆ්. මොහො­මඩ් පර්ශාන්, එස්. එන්. ලක්වන් හසෙල්,

කේ. ජී. මෙලාන් හසංක, කිත්මා නිමාන් ඇලෝ­සි­යස්,

එච්. ජී. චමු­දිත කලන, පී. වී. තරූෂ මිහි­රංග යන සිසුන් මෙව­රත් කැලණි හටන මහා ක්‍රිකට් සංග්‍රා­ම­යේදී ජය­ග්‍ර­හ­ණය උදෙසා ක්‍රීඩා කිරී­මට නිය­මි­තය.

Similar Posts