football world cup 2022

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය මෙවර අනුශූරයින් ලෙස තරගාවලිය නිමකරද්දී මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව නව ලෝක ශූරයින් ලෙස කිරුළ හිමිකර ගැනීමට සමත් වුණි.

තරඟයේ පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි.ආර්ජනා ක්‍රිඩකයින් වන Angel Di Maria හා Lionel Messi ගෝල දෙක වාර්තා කර තිබුණි. 23 හා 36 මිනිත්තු වලදී ගෝල වාර්තා විය.

දෙවන අර්ධය අවසානයේ වෙනසක් කිරීමට ප්‍රංශය සමත්වූ අතර ඒ අනුව kyline mappe 80 හා 81 මිනිත්තු වලදී ගෝල දෙකක් වාර්තා කර සම මට්ටමට ගෙන ආවේය. මේ නිසා මිනිත්තු 90 අවසානයේ දෙපිලම සමවීම නිසා අතිරේක කාලයක් ලබාදුණි.

අතිරේක කාලය අවසානයේ ගෝල 3-3ක් ලෙසද සම වූ අතර දඩුවම් පහර මගින් තරගයේ තීරණය වෙනස්වනවිට ආජන්ටිනාව ගෝල 4-2ක් ලෙස ප්‍රංශ කණ්ඩායම පරාජයට පත්කළේය.

පාපන්දු ලෝක කුසලාන තරග 26කට ක්‍රීඩා කළ මෙසී වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමටද සමත් වුණි.

දක්ෂතම දැල් රකින්නා බවට පත්වූයේ ආජන්ටිනා දැල් රකින ක්‍රීඩක එමිලියානෝ මාටිනස් ය.

තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයාට පිරිනැමෙන ගෝල්ඩන් බූට් සම්මනය ප්‍රංශයේ Kylian Mbappé හිමිකර ගත්තේය.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මනය හිමිකර ගත්තේ ආජන්ටිනා නායක ලියොනල් මෙසීය.

 

Similar Posts